කාර්යාලය නවීකරණය කිරීම, ක්‍රීඩා පිටිය පුළුල් කිරීම දැල් ආවරණ සකස් කිරීම, විෂයය භාහිර හා විෂය සමගාමී තරග වලින් සමස්ථ ලංකා ජයග්‍රහන ලබා ගැනීම, විශ්‍රාම ගත් ගුරුවරුන්ට උපහාර දැක්වීම, පරිසර අලංකරණ කටයුතු, පාසල් ජල පහසුකම් සපයා දීම, සන්නිවේදන පද්ධතිය සකස් කිරීම, තූර්යය වාදක කණ්ඩායම් සදහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීම ආදියද , අ. පො. ස. (සා. පෙළ) , අ. පො. ස. (උ. පෙළ) හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල ජයග්‍රහන ලබා ගැනීම ආදී පාසලෙහි දියුණුවට මහගු සේවයක් සිදු විය.
මෙම පාසලට ආදි ශිෂ්‍ය සංගමය ද, පාසල් සංවර්ධන සමිතියද, දේශපාලන අධිකාරිය ද, ලබා දෙන සහය ඉතා අගේ කළ යුතුය.
—නව ලොවට නිපුනතා පිරි දරුවන් බිහි කිරීම˜ දැක්ම යටතේ අනාගත ලෝකයට ගැලපෙන සිසු සිසුවියන් බිහි කිරීම ඒකායන අරමුණ කර ගත් මෙම පාසලට ෑණීඡරැAඊක ව්‍යාපෘතියෙන් සහ වර්තමාන රජය යටතේ ක්‍රියාත්මක —ළගම පාසල හොදම පාසල˜ ව්‍යාපෘතිය යටතේ ද ලැඛෙන සහය ඉතා වැදගත්ය.
ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ උපදේශන හා තාකෂණ ඒකකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2016 වර්ෂයේ නොවැම්බර් මස දී සිදු විය.
විදුහල්පති විමලසේන ගුරුගේ මහතා විශ්‍රාම යාම 2017. 02. 27 වන දින සිදු වූ අතර, එදින සිට විදුහල්පති ධුරයේ වැඩ භාර ගන්නා ලද්දේ කේ. ජී. දයානන්ද මහතා විසිනි.
කේ. ජී. දයානන්ද මහතා විදුහල්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ උපදේශන හා තාකෂණ ඒකකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සිදු කරගෙන යාම මෙකළ සිදු විය.
2015 වර්ෂයේ සිට අක්‍රීයව පැවති පාසලේ පරිගණක ඒකකය නවීකරණය කර පරිගණක ලබා දීමේ සිප් සයුර ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළමු වසර සිසුන් විසින් සිදු වූයේ 2017 වර්ෂයේය. එය 2017. 09. 27 වන දින සිසු අයිතියට පත් කරලීම සිදු විය.
2017 වර්ෂයේ සිට 2019 වර්ෂයේ ජනවාරි 02 දින දක්වා කේ. ජී. දයානන්ද මහතා විදුහල්පති ධූරයේ කටයුතු කළ අතර, එම කාලය තුළ ශිෂ්‍ය සාධනය, සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය.
කේ, ජී. දයානන්ද මහතා විදුහල්පති ධූරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව පාසලේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යයෙක් වූ එන්. කේ. හෙට්ටිආරච්චි මහතා විදුහල්පති ධූරයේ වැඩ භාර ගත්තේය.
එන්. කේ. හෙට්ටිආරච්චි මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පාසල අවබෝධ කරගෙන ශිෂ්‍ය සාධනය වර්ධනය කිරීම, ගොඩනැගිලි පහසුකම් වැඩි දියුණු කිරීම සදහා නිරන්තරයෙන් උත්සුක වේ. ළගම පාසල ව්‍යාපෘතිය යටතේ වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීම මේ කාලය තුළ සිදු විය. එමෙන්ම ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ අඩාලව පැවති උපදේශන ඒකකය සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම නැවත ආරමභ කිරීම 2020 වර්ෂයේ සිදු විය.